බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු – මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- තුර්කි – ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ තුන් වැනි සැසිය
- දේශබන්දු තෙන්නකෝන්ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දින නියම කරයි
- ඉසෙඩ් ඩී ඇල වැටුණු සද්ධන්තයා ගොඩ ගනී
- රුසියානු ගුවන් අනතුරකින් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට
- තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
- කන්ජිපානිගේ සමීපතමයෙක් අත්අඩංගුවට
- නව රාජතාන්ත්‍රිකයින් පස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
- ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරයි