ජාතික මැතිවරණයේදී බ්‍රිතාන්‍ය කොන්සෙවටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව හිටපු අගමැති රිෂි සුනක් පවසනවා.

මැතිවරණයේ මෙතෙක් නිකුත්කර ඇති ප්‍රතිඵල විශ්ලේෂණය කළ විචාරකයින් පවසන්නේ කම්කරු පක්ෂය ආසන 170ක පමණ බහුතරයකින් ජයගැනීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව කියර් ස්ටාමර් බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා පත්වීමට නියමිත අතර එරට කම්කරු පක්ෂය බලය ලබාගෙන ඇත්තේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්.

මේ අතර ලන්ඩනයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් ස්ටාමර් සඳහන් කර ඇත්තේ “වෙනස දැන් ඇරඹෙනවා” යනුවෙනුයි.

තවත් ආසන 150ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.

WhatsApp Group

Skip to content