පකිස්තානයේ ලාහෝර් කළමනාකරණ විද්‍යා විශ්ව විද්‍යාලයේ සේවය කරන කාන්තාවක් එම නගරයේදී පුද්ගලයින් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
එම මාධ්‍ය වාර්තා පැවසුවේ එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ක්‍රිස්තියානි ආගමික කාන්තාවක් මෙන්ම තිදරු මවක් බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඉස්ලාම් ආගමට යොමුවීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ ඇයව ඝාතනය කර ඇති බව යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමේ සිද්ධියක් පන්ජාබ් ප්‍රාන්තයේ ෆයිසාලාබාද් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ දැරියව පසුව ඇයව පැහැරගත් තැනැත්තාට විවාහ කර දී ඇති බවයි.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













