තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කළ එම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අසංක සම්පත් පීරිස් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතු ලිපියකින් මේ බව ඔහුට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයාට සහායදීමට පක්ෂය තීරණය කර තිබියදී එය නොතකා ස්වාධීනව සිටීමට අදාළ මන්ත්‍රීවරයා කටයුතු කළා.
එලෙස කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ව්‍යංගයෙන් හායදීමක් බවත් මේ සම්බන්ධයෙන් දින දහයක් ඇතුළත් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසත් අදාළ ලිපිය මගින් දන්වා තිබෙනවා.