ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 65වැනි තරඟයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 144ක් රැස් කළා.
එහිදී රියන් පරාග් පන්දු 34කදී ලකුණු 48ක් රැස් කිරීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී නායක සෑම් කරන්, හර්ෂාල් පටෙල් සහ රාහුල් චහාර් කඩුලු 2ක බැගින් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 145ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී නායක සෑම් කරන් පන්දු 41දී නොදැවී ලකුණු 63ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ආවේෂ් ඛාන් සහ යුස්වේන්ද්‍ර චහාල් කඩුලු 2 බැගින් බිඳ හෙළුවා.

WhatsApp Group

Skip to content