නේපාලය සහ ශ්‍රී ලංකාව අතර යලිත් ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.
ඒ එරට වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමඟයි.
දෙරට අතර ගුවන් ගමන් යලිත් ආරම්භ කරමින් පළමු ශ්‍රී ලන්කන් ගුවන් යානය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසුවා.
නේපාලයේ පැවති අරගලකාරී තත්වය මත එරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ඊයේ අත්හිටුවීමටයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගනු ලැබුවේ.
ඒ අනුව ඊයේ දින පෙරවරුවේ නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතිරික්ත ගුවන් මගීන් 35 දෙනෙකුට නවාතැන් සහ හෝටල් පහසුකම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලබා දී තිබූනා.
එම පිරිස රැගත් ගුවන් යානය අද දහවල් 11.41 ට නේපාලයේ කත්මණ්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වූ අතර එම ගුවන් යානය යළිත් එරට සිටින ගුවන් මගීන් රැගෙන පස්වරු 04.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සෑම සතියකම දින 04 ක් , එනම් ඉරිදා , සදුදා , බදාදා සහ බ්‍රහස්පතින්දා යන දින වල ක්‍රියාත්මක කරනු ලබනවා .