නේපාලයේ රෝල්වාලින් කඳු පන්තියේ පිහිටි යාලුන්ග් රී කඳවුරු භූමිය ප්‍රදේශයේ
හටගත් දරුණු හිම කුණාටුවකින් කඳු නගින්නන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව
තිබෙනවා.
මියගිය අය අතර විදේශිකයන් පස් දෙනෙකු සහ නේපාල ජාතික
මාර්ගෝපදේශකයන් දෙදෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.
තවත් නේපාල කඳු නගින්නන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති අතර,තවත් සිව්
දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.
විදේශීය කඳු නගින්නන් 5 දෙනෙකු සහ නේපාලි උස්බිම් සේවකයන් 10 දෙනෙකු
ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම යාලුන්ග් රී කඳු මුදුන තරණය කිරීමට
යන අතරතුර මෙම ඛේදවාචකයට මුහුණ දී තිබෙනවා.
හිම කුණාටුවට පෙර , දින කිහිපයක් රෝල්වාලින් නිම්නයේ අයහපත් කාලගුණ
තත්වයක් පැවති ි බව ද එරට පොලිසිය සදහන් කළා.
ගලවා ගැනීමේ මෙහෙයුම් ඉදිරියටත් සිදු කරන බවයි එරට පොලිසිය වැඩිදුරටත්
සදහන් කලේ.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










