නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දින දෙකක් පුරා මෙලෙස අධික වැසි ඇද හැලෙමින් පවතින අතර, 70 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, 3,600ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ.

පසුගිය සිකුරාදා දිනයේදී පමණක් කත්මණ්ඩු නිම්නයට මිලිමීටර් 200 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බවද නේපාල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content