නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ දුන්ගල්පිටිය පොලිසිය සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් වැටලීම් දෙකක් ඊයේ(06) සවස දුන්ගල්පිටිය, දකුණු පිටිපන ප්‍රදේශයේදී සිදුකර නීති විරෝධී දුම්කොළ තොගය සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එහිදී බීඩි කොළ කිලෝග්‍රෑම් 969 ග්‍රෑම් 100ක් අඩංගු උර 32ක් සමග සැකකරුවෙකු සහ බීඩිf කාළ කිලෝග්‍රෑම් 897 ග්‍රෑම් 700ක් අඩංගු උර 28ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 60 සහ 63 වයස්වල පසුවන පිටිපන සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














