නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බව පොලීසිය සදහන් කළා.
එම මහල් නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණා.
ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවන රථ 13 ක් පිටත්කර යවා තිබූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව පොලිසිය ප්‍රකාශ කළා.
එමෙන්ම කිහිප දෙනෙකු රෝහල් ගතකළ බවට පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව ද පොලිසිය සදහන් කළා.
අදාළ ගින්න හටගත් නිවසේ සිටි හතර දෙනෙකු දුමාරය ආඝ්‍රාණය වීම හේතුවෙන් ගිලන් රථවලට ඇතුල් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.











