පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා නැවත කැඳවන ලෙස ඉල්ලමින් පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සංසදය මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී ඔවුන් පැවසුවේ හැකි ඉක්මනින් මෙම මැතිවරණය පැවැත්විය යුතු බවයි .
බොහෝ පළාත් පාලන අපේක්ෂකයන් මැතිවරණයට පෙර නාම යෝජනා ඉදිරිපත් කල ආකාරයෙන් මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින්නොසිටින බවද එම සනගමයේ මහ ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවසුවා .