නව වසරේ රාජකාරි ආරම්භ කෙරෙන අද දිනය තුළ රාජ්‍ය ආයතන තුළ නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබෙනවා.

විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ලේකම්වරයා මේ බව සදහන් කළා.

2024 නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ නිල උත්සවය අද ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනු ඇති.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරු 09.00 මෙම උත්සවය ආරම්භ වීමට නියමිතයි.

මහජනතාවට කාර්යක්ෂම සහ ඵලදායි රාජ්‍ය සේවාවක් ලබාදීම සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content