ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේදී ආරම්භ වීමට නියමිත එක්දින හා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරනු ලැබූ නවසීලන්ත සංචිතයේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වා තිබෙනවා.

නම්කරනු ලැබූ සංචිතයේ වැඩබලන නායකයා ලෙස මිචෙල් සැන්ට්නර් කටයුතු කරනවා.

එමෙන්ම ඔහු සමගින් මේ දක්වා කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැති මිච් හේ හා නේතන් ස්මිත් ද සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ අනුව කේන් විලියම්සන්, ඩෙවොන් කොන්වේ, ටොම් ලේතම්, ඩැරිල් මිචෙල්, රචින් රවීන්ද්‍ර සහ ටිම් සවුති ශ්‍රී ලංකා තරගාවලියෙන් විවේක ගැන්වීමටයි කටයුතු කර ඇත්තේ.

එංගලන්තය සහ නවසීලන්තය අතර ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියට ප්‍රමුඛත්වය ලබාදීම සඳහායි ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් මෙලෙස විවේක ගන්වා තිබෙන්නේ.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග දෙකකින් යුත් 20 යි 20 තරගාවලිය ලබන මස 9 වනදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, තරග තුනකින් යුත් මෙය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content