සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව තවත් ටෙස්ට් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස පෙරමුණ ගනු ලැබුවා.

අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ලකුණු 275 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207 ක් රැස්කරගෙන සිටියා .

රචින් රවීන්ද්‍ර නොදැවි ලකුණු 91 ක් රැස්කරගෙන සිටි අතර අජාස් පටෙල් ලකුණු නොලබා කඩුල්ලේ රැඳි සිටියා.

දිනය ආරම්භයේදීම රචින් රවීන්ද්‍ර දවාගත් ප්‍රභාත් ජයසූරීය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාථ කලා.

ඒ අනුව නවසීලන්තය සිය දෙවන ඉනිමට සියලුදෙනා දැවි ලකුණු 211 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරීය සමස්ත තරගයේදී කඩුලු 9 ක් දවා ගනු ලැබුවා. රමේෂ් මෙන්ඩිස් ලබාගත් සමස්ත කඩුලු සංඛ්‍යාව 6 ක්.

ඒ අනුව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකාව තරග 1 ට 0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමිකර ගත්තා. තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකරත්තේ ප්‍රභාත් ජයසූරියයි.

WhatsApp Group

Skip to content