දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්රැම් 960 ක් සමග පොලිස් අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසනවා.
පසුගිය 27 වන දින පසවරු 5.30 ට පමණ මැදවච්චිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පී.කේ.යූ.ඩබ්ලිව් අබේගුණවර්ධන මහතාට ලද තොරතුරක් අනුව අංක 23, පන්සල පාර, මැදවච්චිය ලිපිනයේ පදිංචි සිටි එම සැකකාර කාන්තාවගේ නිවස පොලිසිය විසින් පරික්ෂා කර තිබෙනවා. එහිදී එම කාන්තාව සන්තකයේ තිබි හෙරොයින් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්රැම් 960 ස්ථානාධිපතිවරයා විසින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම හා ජාවාරම් කිරිමේ වරදට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී කළ සෝදිසි කිරීම්වලට අනුව මෙම කාන්තාවට 2022 වර්ෂයේ පොසොන් මස 04 වන දින එක්තරා පදනමක් විසින් සිය සංවත්සරයට සමගාමීව ලබාදුන් ගෞරව සම්මානයක් ලෙස ගුප්ත විද්‍යා, ශිරෝමණී,ප්‍රජා ප්‍රසාදනී, දිරිය කාන්තා, ජනරංජන ශ්‍රී , දේශබන්දු නාමයෙන් ගෞරව සම්මානයක්ද ලබාගෙන තිබෙනවා.
ඒවන විටත් සැකකාරිණිය මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරමින් කිහිපවතාවක්ම පොලිස් අත්අඩංගුවට පත්ව සිටි අයෙක් බව අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකාරිය ඊයේ (28) දින මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රදවා ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබාගනිමින් පොලිසිය බාරයේ මේවනවිට රදවාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.














