ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හට අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුට ඇති වී තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග පැවසුවේ ඊයේ දිනයේදී ඔහුගේ නවතම වෛද්‍ය වාර්තා ලැබුණු බවයි.
එම වෛද්‍ය වාර්තාවලට අනුව ඔහු ක්‍රීඩා කිරීමට යෝග්‍ය තත්ත්වයකින් පසු නොවන බව උපුල් තරංග සදහන් කළා.
දුෂ්මන්ත චමීර වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි උපුල් තරංග පැවසුවේ.