අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.

දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

සැප්තැම්බර් මස 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content