දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමහා විහාරස්ථානයට අයත් සහ ඊට පහළින් වූ කුඹුරුවලට ජලය ලබාගන්න ඇළ මාර්ග අවහිර වී තිබීම හේතුවෙන් කුඹුරු අක්කර ගණනාවක් අස්වැද්දීමට නොහැකි වී ඇති බව කොත්මලේ පළාතේ උපප්‍රධාන සංඝනායක නියම්ගම්දොර පුරාණ රජමහා විහාරාධිපති මඩකුඹුරේ ලංකාංග හිමියන් සහ පීඩාවට පත් ගොවීන් පවසනවා.
කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමහා විහාරස්ථානයේදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයයක් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති හිමියන් මෙලෙසද කියා සිටියා.
“මාස 3ක් ගත වෙන්න එනවා. තාම අපිට බැරි වුණා ස්ථිරවම මේ විහාරස්ථානය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් තවම නෑ.
බුද්ධ ශාසන අමාත්‍යංශයට අපි ලියුම් ලියලා තියෙවා.
ඒ ගොල්ලන් ලියුම් ලියනවා, වාර්තා සම්බන්ධ වෙනවා. දැනට ඉදිරියට කරගෙන යන ලකුණු තමයි පේන්න තියෙන්නේ.
නමුත් කොච්චර කාලයක් යයිද කියලා කියන්න පුළුවන්කමක් නෑ.
මේ අප්‍රේල් වෙනකොට මේ පැත්තට වැස්ස එනවා. වැස්ස ආවාට පස්සේ අපිට මෙහේ ඉන්නවාද නැත්ද කියන එක පිළිබඳ තීන්දු කරන්න වෙනවා.
විශේෂයෙන්ම මම සිහිපත් කරන්න ඕන බුද්ධ ශාසන අමාත්‍යංශය සහ ප්‍රාදේශීය ලේකම්තුමා මුල්වෙලා විහාරස්ථානයේ කටයුතුවලට මුල් අඩිතාලම යොදාගෙන යන බව පේනවා.
ස්වාභාවිකව තිබුණු බිම් තලාවක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැය කරලා, ස්වාභාවිකව ඇළ මාර්ග දෙකක් වහළ තියෙනවා.
වහලා ඒ ගොවි ඉඩමක් අරගෙන වගා කරලා තියෙනවා. ඒ වගා කිරිමෙන් ස්වාභාවික ඇළ දෙක වෙනස් වීම නිසා තමයි මේ තරම් විනාශයක් මේ නියම්ගම්දොර විහාරස්ථානය පැත්තට සිදු වුණේ.
ඒ පිළිබඳව ගොවි ජන සේවා කොමසාරිස්තුමා ඇවිල්ලා බලලා නිසි අවසරයක් දෙන්න ඕන ස්වාභාවික ඇළ මාර්ග ටික පාරවල් ටික සකස් කරන්න.
ඒ වගේම යම් කිසි වැඩපිළිවෙළක් තියෙන්න ඕන කුඹුරු යායේ, මං හිතන්නේ පන්සල ආසන්නයේ තියෙන කුඹුරු යාය තියෙනවා ඇළ වේලි සේරම වෙනස් වෙලා තියෙනවා.
ඒවා යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.
මං හිතන්නේ පුඩළුඔය ගොවි ජන කාර්යාලයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ පිළිබඳ අවධානය යොමු කරලා මේ ස්ථාන රැකගන්නවද නැත්ද? එහෙම නැත්නම් නිශ්චිත වශයෙන් අපි මේ ස්ථානවල රැදෙන්න ඕනද? නැත්ද? ඉවත්කරනවාද? කියලා රජයේ වගකියයුතු ඇත්තන්ගෙන් අපිට පිළිතුරක් ලැබෙන්න ඕන.”














