දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දී රෙදි පටියකින් ගෙල වළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා පැවසුුුවා.
නිවසේ සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවා වැසිකිලිය වෙත ගොස් ලි දණ්ඩක් වැසිකිලියේ කවුළුවේ රඳවා , රෙදි කැබැල්ලක් එහි ගැට ගසා එල්ලිමෙන් සිය දිවි හානි කරගෙන ඇති බවට සැකකරන බවයි පොලිසිය කියා සිටියේ.
මෙසේ මියගොස් ඇත්තේ ඕල්ඩි දමිල මහා විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මහෙෂ්වරන් ශාන්ත රුබන් නැමති පාසල් සිසුවෙකි.
මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු වැඩිදුර පරික්ෂණය පවත්වන බව බගවන්තලාව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.