ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
1965 වසරේ ඇත්ත පුවත්පත හරහා පුවත්පත් කලාවේදියෙකු ලෙස පුවත්පත් කලාවට අවතීර්ණ වූ දයා ලංකාපුර මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්.
සිළුමිණ, දිවයින, දිනමිණ, රිවිර සහ ලක්බිම ඇතුලු පුවත්පත් රැසක සේවය කර ඇති ඔහු, අධිකරණ වාර්තාකරණය පිළිබඳ හසල අත්දැකීම් ඇති පුවත්පත් කලාවේදියෙක් වනවා.
ඔහු දිගුකාලීන පාර්ලිමේන්තු වාර්තාකරුවකු ලෙස ද කටයුතු කර තිබෙනවා.











