නාවලපිටිය කුරුදුවත්ත ගල්පාය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් ගින්නක් හටගෙන තිබෙනවා.

තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සිදු කරමින් සිටින අවස්තාවේ අදාල ගින්න හටගෙන ඇති බව සඳහන්.

පහල මහලින් ගින්න හටගෙන තුන්වන මහල දක්වාම පැතිර ගොස් ඇති අතර තේ කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

ගින්න හටගත් අවස්තාවේ තේ කර්මාන්ත ශාලාව තුල කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ කම්කරු පිරිසක් සේවය කරමින් සිට ඇති අතර , ගින්නෙන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

WhatsApp Group

Skip to content