වසරේ ගත වූ කාලසීමාව තුළ සිය ලියාපදිංචිය සහිතව විදේශ රැකියා සදහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 2 ක ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව ඉතිහාසයේ වැඩිම පිරිසක් විදෙස් රැකියා සදහා පිටව ගොස් තිබුණේ පසුගිය වසරේ බව ද එම පිරිස තුන් ලක්ෂ එකොලොස් දහසක් බව ද සදහන්.

මෙම වසර අවසානය වන විට ලක්ෂ 3 කට අධික පිරිසක් විදෙස් රැකියා සදහා පිටත්ව යනු ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශ්වාසය පළ කරන බවටයි වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content