දුම්රිය කිහිපයක තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා
එය ලබන මස 10 වනදා සිට දුම්රිය ගමන්වාර 06ක ක්‍රියාත්මක කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ
ඒ අනුව, දිනපතා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 05.55 හා 08.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය හා පස්වරු 03.45 ට තලෛයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ තුන්වන පංතියේ වෙන් කළ ආසන පහසුකම් එලෙස ඉවත් කෙරෙනු ඇති
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ වැඩි මගීන් පිරිසකට දුම්රියේ ගමන් කිරීම සදහා මෙම තීරණයට එළැඹී බවයි