අනුරාධපුරය, තිරප්පනේ, ගල්කුලම ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා අනුරාධපුරය රෝහලට ඇතුළත් කෙරුණා. මෙලෙස තුවාල ලබා ඇත්තේ විසි අට හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව පොලීසිය සඳහන් කළා. කෙසේ වෙතත් කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද ? යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










