බද්දේගම, මද්දේවිල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මියගිය පුද්ගලයින් දෙදෙනා අවුරුදු 28 සහ 32 යන වයස්වල පසුවන්නන් වනවා.
සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.