ඇලපාත නිරිඇල්ල ප්රදේශයේ කාන්තාවක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
40 හැවිරිදි කාන්තාවක් ඝාතනයට ලක්ව ඇති අතර 43 හැවිරිදි ඝාතනය සිදු කළ සැකකරු පොලිසියට භාර වී තිබෙනවා.