කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද අලුයම සිදුවූ මෙම අනතුරින් පුද්ගලයන් සිව් දෙනෙකු ම්යගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ.
අනතුරට ලක්වූ ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී ඇති බව පොලිසිය සදහන් කලා. .
අනතුර සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.