දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගන්නා බවයි ජනපතිවරයා සදහන් කළේ.
ජනාධිපතිවරයා මේ බවපැවසුවේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි.
ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, නීති රීති සම්පාදනය සහ නියාමනය රජය විසින් සිදු කරනු ලබන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.
ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ ගැටලු පිළිබඳව මෙහිදී එම නියෝජිතයෝ ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, ඊට අදාළ යෝජනාද ඉදිරිපත් කර තිබුණා.
රාජ්‍යය නූතනත්වයට ඔසවා තැබීම කෙරෙහි මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
එහිදී රාජ්‍ය සේවයට අවශ්‍ය නවීන තාක්ෂණය සහ පහසුකම් ලබා දීම මෙන්ම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ කෙරෙහිද විශේෂ අවධානයක් යොමුව තිබෙන බව සඳහන් කළා.
එම මණ්ඩලයේ නියෝජිතයින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වීම මෙහිදී සිදු වුනා.
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










