ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා සියයට 19 ක තීරු බදු පනවා තිබෙනවා. අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමග නව ගිවිසුමක් යටතේ ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව මීට පෙර සඳහන් කර තිබූ සියයට 32 ක තීරු බදු පැනවීම සියයට19 ක් දක්වා අඩු කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඉන්දුනීසියාව ඇමෙරිකානු බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා මිල දී ගැනීමට එකඟවීමෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙම සහනය ලබා දී ඇතැයි සඳහන්.
උණුසුම් පුවත්
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
- BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
- ඉන්ධන කෝටාව ඉහළට
- දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
- බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි












