ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා සියයට 19 ක තීරු බදු පනවා තිබෙනවා. අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමග නව ගිවිසුමක් යටතේ ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව මීට පෙර සඳහන් කර තිබූ සියයට 32 ක තීරු බදු පැනවීම සියයට19 ක් දක්වා අඩු කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඉන්දුනීසියාව ඇමෙරිකානු බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා මිල දී ගැනීමට එකඟවීමෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙම සහනය ලබා දී ඇතැයි සඳහන්.
උණුසුම් පුවත්
- ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ජනාධිපති ප්‍රධානත්වයෙන්
- රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහලට
- කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවකින් ආයුධ තොගයක් හමුවෙයි
- වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්
- හිටපු ඇමැති පී. හැරිසන් FCIDයට
- හෙරොයින් සමග පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට
- ගිනිගත්හේන හරහා ගිය වාහන 12කට තාවකාලික තහනමක්
- මංජුසා තුනක් සමග දෙන්නෙක් අල්ලයි











