ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ හේතුවෙන් ගින්නක් හටගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ද වැඩිදුරටත් සඳහන්.
මෙම ඩ්‍රෝන ප්‍රහාරය ඉන්ධන ටැංකියකට එල්ල වී ඇති බවත්, හටගත් ගින්න පාලනය කිරීම දුෂ්කර වී ඇති බවත් වාර්තා වනවා.
මේ අතර ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් තාවකාලිකව මේ හේතුවෙන් අත්හිටුවීමටද පියවර ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














