ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබු පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබා දෙන ඉල්ලා ආදළ පෙත්සම් ඉදිරිපත්ව තිබුණා.
මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී ඊයේ අදාළ පෙත්සම් සලකා බැලු අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
ශ්‍රී ලංකා සමස්ත විදුලි සේවක සංගමය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමයේ නියෝජිතයින් පිරිසක් විසින් ආදළ පෙත්සම් ගොණු කර තිබුණා.