කොලරාඩෝ හි පැවති ඇමරිකානු ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවය අතරතුර ජනාධිපති ජෝ බයිඩ්න් ඇද වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වේදිකාවේ සවිකර තිබූ තාක්ෂණික උපකරණ රඳවනයක පය පැටලීමෙන් ඔහු මෙලෙස ඇද වැටී ඇති බවයි.
එහිදී ගුවන් හමුදා නිලධාරියෙකු සහ ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු ඇමරිකානු ජනාධිපතිවරයාට නැගී සිටීමට සහය වී ඇති අතර සිද්ධියෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
80 හැවිරිදි වියේ පසුවන ඇමරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් පැය එකහමාරක් පුරා ශිෂ්‍ය භටයින් 921 දෙනෙකුට අතට අත දෙමින් වේදිකාවේ සිටගෙන සිට ඇති බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













