ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා වෙත භාර දෙනු ලැබුවා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී ගෞරව උපාධිය ලබා ගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු කථිකාචාර්යවරයෙකු ද වනවා.

WhatsApp Group

Skip to content