වැලිකඩ බන්ධනාගාරයේ ප්රධාන ජේලර්වරියකට කාන්තා රැඳවියක් විසින් මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාළ සිදුවීම පිලිබදව මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ එම ජේලර්වරිය විසින් බොරැල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ බොරැල්ල පොලීසියට නියෝග කලා.