ඊශ්‍රායලයට එරෙහිව 2023 ඔක්තෝබර් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරවල ප්‍රධාන සැලසුම්කරුවෙකු වූ ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රයිඩ් සායිඩ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ ගාසා නගරයේදී ඊයේ එල්ල වූ මෝටර් රථ ප්‍රහාරයකින් .
ගාසා සෞඛ්‍ය බලධාරීන්ට අනුව, මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් තිබෙනවා.
ඉන් අවම වශයෙන් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සායිඩ් මියගිය අය අතර සිටින බවට හමාස් සංවිධානයෙන් හෝ වෛද්‍යවරුන් තවමත් තහවුරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ඔවුන් ගාසා නගරයේ ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරියෙකු ඉලක්ක කළ බවයි.
උණුසුම් පුවත්
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
- කූඨ ලෙස සැකසූ වීස බලපත්‍රයකින් ස්පාඤ්ඤයට පනින්න හැදූ විදේශිකයෙක් අත්අඩංගුවට
- නුවරඑළියට පික් මී කුලී රථ සේවාව අවශ්‍ය නෑ
- බස් කොන්දොස්තරලාත් මත්ද්‍රව්‍ය ටෙස්ට් එකට
- ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේම ක්‍රියාවිරහිත වෙයි – රියදුරුගේ දක්ෂතාවයෙන් ජීවිත 80ක් බේරෙයි
- සම්භාහනය මුවාවෙන් ගණිකා සේවයේ නියැලුණු තිදෙනෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදන මෝදක අලෙවි කළ තරුණයෙක් අත්අඩංගුවට
- මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට













