විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍යාධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර 2 ක වැඩ අවසන් අදියරේ පවතින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
මෙගා වොට් 1 බැගින් වූ මෙම ව්‍යාපෘති දෙක ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව මත සහ සෙවනගල කිරිඉබ්බන් වැව මත ඉදිවෙමින් පවතිනවා.
2023 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ ජූලි මසදී අවසන් කිරීමට නියමිතයි.