කූඨ ලෙස සකස් කළ බල්ගේරියානු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ජපානයේ නරීටා වෙත පළා යාමට තැත් කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන්තොටුපල පිටත්වීමේ පර්යන්තයේදී මෙලෙස අත්අඩංගුවට ගත් විදේශිකයාගේ වයස අවුරුදු 41 ක්.
මොහු ඊයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR- 654 දරණ යානයෙන් මෙරටට පැමිණ තිබුණා.
පසුව ඔහු ජපානයේ නරීටා බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේදී ඉදිරිපත් කළ ලිපි ලේඛණ පිළිබඳව සැක සිතී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගේ ගමන් මලු පරීක්ෂාවේදී මෙම ව්‍යාජ බල්ගේරියානු ගමන් බලපත්‍රය සොයාගෙන තිබෙනවා.