නව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සදහන් කලේ නිවේදනයක් නිකුත් කරමින්.

මේ අතර ආරක්ෂක සහ මහජන ආරක්ෂක යන අමාත්‍යංශ සදහා පත් කෙරුණු නව ලේකම්වරුන් ඊයේ පස්වරුවේ සිදු ධුර වල රාජකාරි ක්‍ටයුතු ආරම්භ කළා.

ඒ අනුව නව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සිය දුරයේ වැඩ භාරගනිම ආරක්ෂක අමාත්‍යංශයේදී සිදු වුනා.

එමෙන්ම නව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වන රවී සෙනෙවිරත්න මහතා එම අමාත්‍යංශයේදී සිය ධුරයේ වැඩ භාරගනිමටයි කටයුතු කලේ.

WhatsApp Group

Skip to content