විදුලි බිල වැඩි කිරීමට එරෙහි 69 ලක්ෂයේ ජනතා පෙත්සමට අත්සන් ලබා ගැනීම අද දිනයේත් සිදු කෙරෙන බව වෘත්තීය සහ සිවිල් සංගම් පවසනවා.
විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය සඳහන් කළේ මීරිගම සතිපොළ පරිශ්‍රයේ සහ මහරගම සතිපොළ පරිශ්‍රයේ එය අද දිනයේ ක්‍රියාත්මක බවයි.
දුරුතු පොහොය යෙදුනු ඊයේ දිනයේ විහාරස්ථාන ආශ්‍රිතව බැතිමතුන්ගෙන් අත්සන් ලබා ගැනීම සිදු කෙරුනා. ඒ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කර තිබූ ඉල්ලීමකට අනුවයි.
විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව හැටනව ලක්ෂයේ මහජන පෙස්සම ට අත්සන් ලබා ගැනීම ජනවාරි දෙවෙනිදා පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුදබිමෙන් ආරම්භ කෙරුනා. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ජනතා වෛරී ලෙස කටයුතු කරන බවත් – විදුලිය ගාස්තු ඉහල දමන්නේ නම් විදුලිබිල්පත් ගෙවීමෙන් වැලකි සිටින බවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක ට එක්වෙමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














