එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ රජය තීරණය කර තිබෙනවා.

එයට හේතුව වී ඇත්තේ පසුගිය දා ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර තරයේ හෙලා දැකීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ක්‍රියා නොකිරීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ද සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඇන්තෝනියෝ ගුටේරස්ගේ මෙම ක්‍රියා කලාපය පිළිබදව සිය විරෝධය දක්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content