පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය ආරම්භ කර තිබෙනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ, අද පස්වරුව වනවිට සියලු මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කර අවසන් කරන බවයි.
පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම, හෙට උදෑසන 7 ට ආරම්භ විමට නියමිතයි.
එය අවසන් වන්නේ, පස්වරු 4 ටයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන සංඛ්‍යාව, 13,759ක්.
ඒ සදහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
පිළිගත් දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් නියෝජනය කරමින් පළාත් පාලන ඡන්ද විමසීමට තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව, 75,589 ක්.