චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය එක්සත් වීමක් සඳහා තායිවානයට බලපෑම් එල්ල කරනු ඇතැයි අමෙරිකාව පවසනවා.අමෙරිකාව නිකුත් කළ වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාව මගින් ඒ සම්බන්ධයෙන් අනාවරණ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.එය සකස් කර ඇත්තේ අමෙරිකානු බුද්ධි අංශ විසින්.
ඊට අමතරව තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාවේ මැදිහත්වීම් වැළැක්වීමට, අමෙරිකාව සහ මිත්‍රශීලී පාර්ශව අතර ගැටුමක් ඇති කිරීමට සහ චීනයේ ඒකාධිපති ක්‍රමයට අනුග්‍රහය දක්වන ඇතැම් සම්මතයන් ශක්තිමත් කිරීමට චීනයේ කොමියුනිස්ට් පක්ෂය ක්‍රියා කරන බව ද අමෙරිකාව චෝදනා කළා.තායිවානය පාලනය කිරීමට චීනය ගන්නා උත්සහයේදී එය සාර්ථක වුවහොත් එහි ප්‍රථිපල ගෝලීය වශයෙන් අත්විඳීමට සිදුවනු ඇති බවයි අමෙරිකාව පෙන්වා දෙන්නේ.
එමෙන්ම චීනය දකුණු චීන මුහුදේ මතභේදාත්මක කලාප සම්බන්ධයෙන් ජපානයට ද බලපෑම් එල්ල කරනු ඇති බව ද අදාළ බුද්ධි වාර්තාව හරහා අමෙරිකාව අනතුරු අඟවනවා.
උණුසුම් පුවත්
- ජපානයේ භූ කම්පනයක්
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- වායු බැලූනයක් කඩා වැටී බ්‍රසීලයේ 08 දෙනෙක් ජීවිතක්ෂයට
- ඉරාණයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අණාවරණයක්
- කළුතර සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 100 ක්
- අල්ලස් ගත් පොලිස් සැරයන්වරුන් දෙන්නෙක් මාට්ටු
- ශ්‍රී ලන්කන් අලුත් සගයා මංගල ගමන මාලේට යයි
- අතුල – සමිතා යුවළගේ දියණිය කවීගේ උපන්දිනයදා සමිතා තැබූ සංවේදී සටහන