මෙරට රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබද විශේෂඥයින් ප්‍රමිතියෙන් ඉහළ රසායනාගාර සේවාවන් සාක්ෂාත් කර ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ශ්‍රීලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයන්ගේ විද්‍යායතනයේ දහවන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
අභියෝග හෙළිදරව් කිරීම , විශිෂ්ඨත්වය සඳහා ගුණාත්මක කථිකාව යන තේමාව පදනම් කරගනිමින් වාර්ෂික අධ්‍යයන සැසිවාරය සංවිධාන කර තිබුණා.
නවීන වෛද්‍ය විද්‍යාවේ මූලික රෝග විනිශ්චය , චිකිත්සක සහ පුරෝකතන මූලිකාංගයක් වන ව්‍යාධි විශේෂඥ සේවාව අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.
මෙම සැසිවාරය පුරවැසියන්ට ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා වන සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව නලින්ද ජයතිස්ස මහතා එහිදී ප්‍රකාශ කළා.
උණුසුම් පුවත්
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි














