මෙරට රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබද විශේෂඥයින් ප්‍රමිතියෙන් ඉහළ රසායනාගාර සේවාවන් සාක්ෂාත් කර ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ශ්‍රීලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයන්ගේ විද්‍යායතනයේ දහවන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
අභියෝග හෙළිදරව් කිරීම , විශිෂ්ඨත්වය සඳහා ගුණාත්මක කථිකාව යන තේමාව පදනම් කරගනිමින් වාර්ෂික අධ්‍යයන සැසිවාරය සංවිධාන කර තිබුණා.
නවීන වෛද්‍ය විද්‍යාවේ මූලික රෝග විනිශ්චය , චිකිත්සක සහ පුරෝකතන මූලිකාංගයක් වන ව්‍යාධි විශේෂඥ සේවාව අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.
මෙම සැසිවාරය පුරවැසියන්ට ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා වන සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව නලින්ද ජයතිස්ස මහතා එහිදී ප්‍රකාශ කළා.
උණුසුම් පුවත්
- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්