ජනප්‍රිය ගායන ශිල්පී චාමර විරසිංහ මහතාට තවත් ටික දිනක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවය රෝහල් අධ්‍යක්ෂවරිය පවසනවා.

චාමර වීරසිංහ මහතා පසුගිය 17 වනදා සිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහුට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට ඇති බවත් ඔහුට මේ වන විට නියුමෝනියා රෝගී තත්ත්වය පවතින බවත් කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ චාමර වීරසිංහ මහතා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු වීම හේතුවෙන් තවත් ටික දිනක් රෝහල්ගතව සිටීමට සිදුවනු ඇති බවයි.

WhatsApp Group

Skip to content