වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය සදහා තිරසාර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වා තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම සාකච්ඡාව සදහා රජයේ නිලධාරින් සහ විද්වතුන් සහභාගි වුණා.
වන සතුන්ගෙන් සිදු වන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් ක්‍රියාකාරී සැලසුමක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි.