Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්
    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-21

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-21

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වු ධීවරයෙකු ගොඩබිමට යොමු කිරීමට නාවික හමුදා සහය

    ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වු ධීවරයෙකු ගොඩබිමට යොමු කිරීමට නාවික හමුදා සහය

    2024-10-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින්, කිරින්දේ සිට නාවික සැතපුම් 179 ක් (කිමි 331 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී අනතුරකට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ගාල්ල වරාය දෙසට රැගෙන ඒමෙන් පසු අද දින (2024 ඔක්තෝබර් 23) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු  කෙරිණි.

    කප්පරතොට ධීවර වරායෙන් 2024 ඔක්තෝබර් මස 15 වන දින ධීවරයින් පස් දෙනෙකු (05) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Hansana 01” (ලියාපදිංචි අංක IMUL-A- 1149 MTR) නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු, ධීවර කටයුතු සිදුකරමින් සිටියදී හදිසි අනතුරක් මත ඇඟිල්ලකට සිදුවු තුවාලයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත. එම ධීවරයා වෙත ප්‍රථිකාර කිරීම සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

    ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අනතුරට පත්ව සිටි ධීවරයා ගොඩබිම ආසන්නයට රැගෙන එමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කර කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා, දකුණු නාවික විධානයට අනුයුක්ත වේගප්‍රහාරක යාත්‍රාවක් යෙදවීමට කටයුතු කෙරිණි.

    ඒ අනුව, අනතුරට පත් ධීවරයා වෙත මුළික ප්‍රථමාධාර ලබාදෙමින් අද දින (2024 ඔක්තෝබර් 23) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා මෙලෙස කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

    පෙර පුව​තශ්‍රී ලංකාව තුළ සිටි ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් පිට වී යති
    ඊළඟ පුව​ත “ෆ්ලෙමින් අරමුදල” සදහා වූ ගිවිසුමට අත්සන් තැබේ

    සබැ​ඳි පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්
    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-21

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-21

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group