ගාසා සටන් විරාමය ගැන විදේශ කටයුතුල විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේල ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමටල අභ්‍යන්තරව අවතැන් වූවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු යාමට සහ ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර සැපයීමට මඟ පාදන සටන් විරාම ගිවිසුම තිරසාර වනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම පලස්තීනයේ සහ එම කලාපයේ ද සාමය ඉතා ඉක්මනින් ස්ථාපිත වනු අපේක්ෂා කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.