ග්‍රීසියේ හදිසි ලැව් ගිනි තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට ග්‍රීසියේ ප්‍රදේශ පහකින් ලැව් ගිනි වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කළේ.
ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ සිට කිලෝමීටර 30 ක් දුරින් විශාලතම ලැව් ගින්න ව්‍යාප්ත වෙමින් පවතිනවා.
ග්‍රීසි රාක්‍්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ ලැව් ගිනි මැඩ පැවැත්වීම සදහා යුරෝපා සංගමයේ සහාය බලාපොරොත්තු වන බවයි.
ග්‍රීසිය පුරා පැතිර යන අධික වියළි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම ලැව් ගිනි ව්‍යාප්තිය තව දුරටත් ඉහළ යමින් පවතින බවද ග්‍රීසි බලධාරීන් සදහන් කරනවා.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ මේ වන විට අවධානම් සහිත ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
උණුසුම් පුවත්
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
- වසරේ මුල් දින 19ට රිය අනතුරු මරණ 120ක්
- රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් හදුන්වා දීමට සැලසුමක්
- ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්‍රමයක්
- අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්













