සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ එම සාකච්ඡාවට පැවැත්වීමට නියමිත බවයි එම සංගමයේ ජාතික සංවිධායක සුමිත් කොඩිකාර මහතා ස‘දහන් කළේ.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ද සුමිත් කොඩිකාර මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content