ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීති විරෝධී භාණ්ඩ තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත අල්ලස් සොමිසම විසින්.
රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාවකට අනුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













